Header Ads

උණුසුම් පුවත්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ අගමැති අතර තවත් හමුවක් අනිද්දා


පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ පක්ෂවල නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමකට, පක්ෂ නායකයින්ට අමතරව, වැඩි පිරිසක් එක්ව සිටීම හේතුවෙන් මෙම පක්ෂ නායකයින් එම රැස්වීමට එක්වුණේ නැහැ. ඒ අනුව ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි අනිද්දා මෙම රැස්වීම කැඳවා ඇත්තේ.