කොළඹ නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කරමින් නව රථවාහන වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිස් රථවාහන ඒකකය කටයුතු කර තිබෙනවා.
මෙහි නියමු ව්‍යාපෘතිය අද උදෑසන කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක දී ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ජංගම මෙහෙයුම් මැදිරි උපයෝගී කරගෙන මාර්ග තදබදය අධික අවස්ථාවල දී ඩ්‍රෝන කැමරා භාවිත කරමින් මාර්ග තදබදය පවතින ස්ථාන නිරීක්ෂණය කරමින් ඒවා අවම කිරීමට පියවර ගැනීමයි.
අද දිනයේ දී කොළඹ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරුණු මෙම මෙහෙයුම ඉදිරියේදී පාර්ලිමේන්තු මාර්ගය මීගමු මාර්ගය වැනි ප්‍රධාන මාර්ග වලදීද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.