මෙම වසරේ රාමසාන් උපවාසයේ නිමාවත් සමග උදාවන රාමසාන් සැමරුම් උත්සවය වෙනුවෙන් සියලු ලෝකවාසී ජනතාවට සුභ පැතුම් එක් කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් රාමසාන් දින පණිවිඩයක් නිකුත් තළා.
උපුටාගැනීම
ලොව පුරා සිටින මුස්ලිම්වරුන් සඳහා ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසානය සනිටුහන් කරන්නේ ඊද්-උල්-ෆිතර් සැමරැමය. ශුද්ධ වූ රාමසාන් මාසය යනු ලොව පුරා සිටින මුස්ලිමිවරැන් යාච්ඤා, පුණ්‍යකර්මය, දානමය කටයුතු හා මනුෂත්වය සනිටුහන් කරන කාලයයි. ඊද්-උල්- ෆිතර් පවුලේ අය සහ ඔබගේ ආදරණීයයන් මෙන්ම ලෝකවාසී ප්‍රජාව සමඟ සැමරීමට ප්‍රීතිමත් අවස්ථාවකි.
එහෙත්, මේ වසරේ අපි ඊට වඩා වෙනස් සැමරැමකට එකකට මුහුණ දී සිටිමු. අපේ රට අභියෝගාත්මක හා තීරණාත්මක කාල පරිච්ඡේදයක්ප සුකරමින් සිටී. අපේ ජාතියේ සහ ඇගේ දරුවන්ගේ ශක්තිය හා අධිෂඨානය පරීක්ෂාවට ලක්වන කාලයකි.
සාම්ප්‍රදායිකව සංචාර සහ රැස්වීම් වලින් එකක්ව න ඊද්-උල්- ෆිතර් උත්සවය මේ වසරේ වෙනත් ආකාරයකින් සැමරීමට සිදුවනු ඇත. එසේ කිරීමෙන් එය අපගේ ආදරණීයයන්ගේ යහපත උදෙසා මෙන්ම ශ්‍රී ලාංකික ජාතිය කෙරෙහි අපගේ යුතුකම බව අප මතක තබා ගත යුතුය. මක්නිසාද යත් මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ වචනවලින් “කෙනෙකුගේ රටට ආදරය කිරීම ඇදහිල්ලේ කොටසකි”. මෙම කාලයේදී අපව ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙස නොබලා වැඩ කරන අපගේ සෞඛ්‍ය සේවකයින්, අපගේ ආරක්ෂක හමුදාවන් හා සියලුලෝවැසියන්ගේ සුබසිද්ධිය උදෙසා යාච්ඤා කරමු.
සැමට ආශීර්වාද ලත් ඊද්-උල්-ෆිට්ර්