රජයේ කර්මාන්ත ශාලාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කොවිඩ් රෝගීන්ට ඇදන් සෑදීම අරඹයි


කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ඇදන් ලබාදීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් ආයතනවලින් ඇදන් නිර්මාණය කර අදාළ රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවලට බාරදීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සෑම කොවිඩ් - 19 රෝගියකුට ම රෝහල් සයනයක් මත හිද ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව සැලසීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායකවෙමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව රෝහල් ඇඳන් 250 බැගින්වූ ඇඳන් 500 ක් සෑදීම පසුගිය දා ආරම්භ කළේය.

ඒ අනුව, මේ වනවිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව රෝහල් ඇඳන් 100 ක්ද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රෝහල් ඇඳන් 60 ක්ද, සාදා අවසන් කර තිබේ. රජයේ කර්මාන්ත ශාලාවේ ඇදන් සෑදීම රජයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ සිදු කෙරෙන අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඇදන් සෑදීම ජා ඇල, ඒකල, රත්මලානේ පිහිටි වැඩබිම්වලදී සිදු කෙරෙමින් පවතී.

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව සාදා නිමකළ ඇඳන් 100 න් ඇඳන් 50 ක් මුල්ලේරියාව රජයේ රෝහලටත්, ඉතිරි ඇඳන් 50 නවගමුව රජයේ රෝහලටත් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදුවිය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සාදා නිමකළ ඇඳන් 60, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පසුගිය දා බාර දුන් අතර, එම අවස්ථාවට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ද සහභාගී විය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ පරිත්‍යාගයක් වූ මෙම ඇඳන් හැටෙන් පනහක් කොස්ගම රජයේ රෝහලට ද, ඉතිරි ඇඳන් දහය පොල්ගස්ඕවිට වෑතර රජයේ රෝහලට ද අනතුරුව පරිත්‍යාග කෙරිණ.රුපියල් විසිදහසක් විසිතුන්දහසක් අතර මුදලක් එක් ඇඳක් සෑඳීම සඳහා වැය වී තිබේ.ඒ අනුව ඇදන් 500 සාදා නිමකිරීම සඳහා රුපියල් මිලියන 10 ත්, රුපියල් මිලියන 11.5 ත් අතර මුදලක් වැයවනු ඇත.

මෙම ඇදන් සාදා නිම කිරීමේ දී අවශ්‍ය බට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් ලබාදී තිබේ.ඒ අනුව තවත් ඇදන් 340 ක් සෑදීමට ඇති අතර, එළඹෙන සතිය තුළ එම ඇදන් සාදා නිමකිරීමට අදාළ රාජ්‍ය ආයතන කටයුතු කරමින් සිටියි.මෙම ඇදන් සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සපයන ලද නිර්ණායක සහ ප්‍රමිතීන්ට යටත්ව සාදා නිමකළ බව අදාළ රාජ්‍ය ආයතන ප්‍රකාශ කරයි. අවශ්‍යතාවය අනුව ඉදිරියේ දී ඇදන් සාදා දීම සඳහා මෙම රාජ්‍ය ආයතනවල අවධානය යොමු වී තිබේ.

 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් කොවිඩ් - 19 රෝගින්ට රෝහල් ඇඳන් සෑදීමේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රජයේ කර්මාන්ත ශාලාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කොවිඩ් රෝගීන්ට ඇදන් සෑදීම අරඹයි
රජයේ කර්මාන්ත ශාලාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කොවිඩ් රෝගීන්ට ඇදන් සෑදීම අරඹයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBi_Qivks4LEjcQb95k7K68l832p5YHUjgZTui0r0I2cS7f89fYlBGhML2NywexpTSX0VZfrXbqz23Z58aUpenLSDwOQZ9da6NkiScP04g2FEWFyECmNMpXwm7g9VekPQMjmcCuGF3WbM/s16000/476ad835ce0aee46f9ff10207ec28ad0_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBi_Qivks4LEjcQb95k7K68l832p5YHUjgZTui0r0I2cS7f89fYlBGhML2NywexpTSX0VZfrXbqz23Z58aUpenLSDwOQZ9da6NkiScP04g2FEWFyECmNMpXwm7g9VekPQMjmcCuGF3WbM/s72-c/476ad835ce0aee46f9ff10207ec28ad0_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/covid19-hospital_14.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/covid19-hospital_14.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content