Header Ads

උණුසුම් පුවත්

එළඹෙන සඳුදා සිට මැයි මස 31 දක්වා නිවසෙන් පිටවිය හැක්කේ හැඳුනුම්පතේ අංකවලට අදාළ පුද්ගලයින්ට පමණයි


එළඹෙන සඳුදා එනම් මැයි මස 17 වනදා සිට මැයි මස 31 වනදා දක්වා සති 2කට ආසන්න කාල පරිච්ඡේදය තුළ හැඳුනුම්පතේ අංකවලට අදාළව පුද්ගලයින් බැහැරව යෑමේ ක්‍රමවේදය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් ඉදිරි දිනවල සිය දෛනික කටයුතු සැලසුම් කිරීමේදී ජනතාව ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඒ අනුව, හැඳුනුම්පතේ අංකවලට අදාළව එක් නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා තමාගේ ළඟම පිහිටි වෙළෙඳසැළ වෙත පිවිසීමට අවස්ථාව පවතී.  

ඊට එරෙහිව කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.