අන්තවාදයට අදාළ පන්ති සංවිධානය කිරීමේ චෝදනාවට මූතූර් ඉක්බාල් පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකුව ඊයේ (13) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන ඝාතකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුදැනුම මත එම අන්තවාදයට අදාළ පන්ති සංවිධානය කර ඇති බවට එහිදී අනාවරණය වී තිබෙනවා.
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය අවසන් වූ සිසුන්ට මූතූර් ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා පන්ති සංවිධානය කර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ අග භාගයේදී මෙම අන්තවාදයට අදාළ පන්ති සංවිධානය කර ඇති බවට ද එහිදී අනාවරණය වී ඇත.
මේ අතර අන්තවාදි ක්‍රියා ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා දැනට බන්ධනාගාරගත කර සිටින ගම්පොළ හා කාත්තන්කුඩියේ පදිංචි දෙදෙනෙකු ද යළි ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.