ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය, මුල්දින කවරය සහ සිහිවටන පත්‍රිකාව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පසුගියදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූයේ ය.
මෙවර ජාතික වෙසක් උත්සවය යාපනයේ ඓතිහාසික නාගදීප රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ අතර සමරු මුද්දර සඳහා ද උතුරු හා නැගෙනහිර ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල චිත්‍ර යොදා ගෙන තිබේ.
වව්නියාව සපුමල්ගස්කඩ විහාරය, යාපනය කදුරුගොඩ විහාරය සහ වව්නියාව මඩුකන්ද දළදා විහාරය ඇසුරින් නිර්මාණ ශිල්පී පාලිත ගුණසිංහ මහතා රු. 10, රු. 15 සහ රු. 45 බැගින් වටිනා මෙම සමරු මුද්දර නිර්මාණය කර තිබේ.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන අමාත්‍යංශ අධ්‍යක්ෂ චම්පිකා කනේරු, තැපැල්පති රංජිත් ආරියරත්න, නියොජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.