Header Ads

උණුසුම් පුවත්

49 වන ජනරජ දිනය අදයි


ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.  ඩොමීනියන් තත්ත්වය යටතේ 1948 ශ්‍රී ලංකාව නිදහස ලැබූ අතර, ව්‍යවස්ථාව වෙනස් කරමින් මෙරට ජනරජයක් බවට පත් කෙරුණේ 1970 වසරේ බලයට පැමිණි සමගි පෙරමුණු රජය යටතේදීය. ඒ, ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජනවරමක් හිමිකරගත් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ රජය විසින් 1972 වසරේ මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.