Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞව්කාවේ ගින්නේ පාලනකටයුතු තවදුරටත්


කොළඹ වරායට ආසාන්නයෙන්  නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර ඒ සඳහා ඊයේ (21) ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙහෙයුම් සඳහා යොදවනු ලැබුවා. 

එමඟින් ගිනි නිවීමේ වියලි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425 ක් සාර්ථකව නෞකාව මතට හෙලූ බව ගුවන් හමුදාව සදහන් කළා. 

ගින්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ නාවික හමුදාවේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් පිරිසක් අදාළ නෞකාව ආසන්නයට ඊයේ දහවල් ළඟා වුණා.

සිංගප්පූරු සමාගමකට අයත් මෙම නෞකාවේ බහාළුමක රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ගින්නට හේතුව බව සැක පල කරනවා. නෞකාව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හසීරා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කර තිබූ අතර මේ වනවිට එම නෞකාව කොළඹ, වරායට නාවික සැතපුම් 9 යි දශම 5 ක් දුරින් නැංගුරම්ලා තිබෙනවා. 

එහි නයිට්රික් ඇසිඩ් ටොන් 25 ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාළුම් 1486 ක් තිබෙන බව සඳහන්.  ගින්න හේතුවෙන් නෞකාවේ සමතුලිතතාවයට බලපෑමක් නොමැති බවද නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියා. 

ගින්න පාලනය කිරීමේ මෙහෙයුම්වලට තවදුරටත් නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ ඩෝරා යාත්‍රා දෙකක් සහ නෞකා දෙකක් යොදවා තිබෙනවා.