අද දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 - 50 දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 - 55 දක්වා වැඩි විය හැකිය.
ඉදිරිපැය 24 ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2021 මැයි මස22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, මැයි මස 22 දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතී. ඉන්පසු එය මැයි 23 වන දින වන විට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වන විට සුළී කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර මැයි 26 වන දින වනවිට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මැයි 21 දින සිට නැවත දැනුම් දෙන තුරු, ඉහත ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල (12N-20N, 85E-100E) ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.කන්කසන්තුරය සිට මන්නාරමහරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. ධිවර සහ නාවුක කටයුතුවල යෙදෙන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන මෙන් දැනුම් දෙනු ලැබේ.
මුහුදේ ස්වභාවය:
කන්කසන්තුරය සිට මන්නාරමහරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.