පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතාට ජුලි 07 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කර තිබෙනවා.
මෝදර පොලිස් වසමේ, ලෙල්ලම ප්‍රදේශයේදී ධීවර ජනතාව ඒකරාශි කරමින් සූදානම් කර තිබූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මෙලෙස ජයගොඩ මහතාට නොතීසි නිකුත් කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය විසින් ඊයේ (21) අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෝදර, ඩිලාසාල් ප්‍රදේශයේ දී ධීවරයින් පිරිසක් පෙරේදා (20) පස්වරුවේ උද්ඝෝෂණයක නිරතවිය.
ඒ, පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් සිය වටිනා ධීවර දැල් විනාශ වී ඇති බව පවසමිනි.
විරෝධතාවය පැවති ස්ථානයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ මහතා පැමිණීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණි.
ඒ, මෝදර පොලීසිය විසින් ඔහුව පොලිස් ජීප් රථයට නංවා ගැනීමට උත්සාහ දැරීම හේතුවෙනි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid