මිහිඳු මහරහතන් වහන්සේ මෙරට මිහින්තලාවට වැඩම කර වසර 2329 ක් පිරීම නිමිත්තෙන් මෙවර ජාතික පොසොන් උත්සවය සෞඛ්‍යය නිරෝධායන නීති වලට අනුව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා ජනාධිපති සහ අගමැතිවරයාගේ ප්‍රධානත්ව යෙන් පැවැත්වෙන බව ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි .
“ලොව සැම දෙනා සුවපත් වේවා” මෙවර පොසොන් උත්සවයේ තේමාවයි. මේ අනුව අද සිට 21 – 27 දක්වා ජාතික පොසොන් සතිය ප්‍රකාශයට පත්කර ඇති අතර එම කාලය තුළදී මිහින්තලා පුද බිම මුල් කර ගෙන රතන සූත්‍ර දේශනාව,ධර්ම දේශනා ,ධර්ම සාකච්චා ඇතුළු විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබේ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




