ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (20) දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එම යාත්‍රාවේ තිබූ පාර්සල් 05ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ තොගයක් සහ එක් පාර්සලයක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 05ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන්, කේරළ ගංජා, වියලි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දී තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




