Header Ads

උණුසුම් පුවත්

සරසවිගම ගම්වැසියන් අතර ගැටුමක්


පේරාදෙණිය මහකන්ද සරසවිගම ගම්වැසියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

අනතුරෙන් බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙක් පේරාදෙණිය ශික්ෂණ ‍රෝහලට ඇතුළත් කර ඇති අතර වෙළඳසැල් දෙකකට , වෑන් රථ දෙකකට සහ යතුරු පැදියකට දැඩි හානි සිදු වී ඇති බව පොලිසිය පවසනවා.

සිල්ලර බඩු අලෙවිසැල් දෙකෙන් එක් අලෙවිසැලකට වැඩිපුර වෙළඳාම් සිදු වීම ඇතුලු තවත් හේතු කිහිපයක් මෙම ගැටුමට හේතු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙම ගැටුමට සම්බන්ධ වූවන් 36 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර කාන්තාවන් 06 දෙනෙක් ද සිටින බවත් පොලීසිය පවසනවා.