සංගණන දත්ත මඟින් උපත් අනුපාතයේ දැඩි පහත වැටීමක් පෙන්නුම් කිරීම හේතුවෙන් චීනය විවාහක යුවළ සඳහා දරුවන් තිදෙනෙක් සෑදීමට ඉඩ ලබා දෙන බව නිවේදනය කරයි.
චීනය තම දශක ගණනක් පැරණි එක් දරු ප්‍රතිපත්තිය 2016 දී අවලංගු කරමින් එය දරුවන් දෙදෙනෙකු දක්වා වැඩි කළද උපත්වල අඛණ්ඩ නැඟීමකට තුඩු දීමට අපොහොසත් විය.
මේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිළධාරින්ගේ රැස්වීමකදී එරට ජනාධිපති ෂී ජින් පිං විසින් චීන යුවළකට දරුවන් තිදෙනෙක් ලබා ගැනීමට ඉඩ දීමේ නව පියවර අනුමත කර ඇත.
නමුත් මානව හිමිකම් පිළිබඳ සංවිධානයක් වන ඇමිනෙස්ටි ( Amnesty ) සංවිධානය කියා සිටින්නේ පෙර ලෙසටම තවමත් ජනතාවගේ ලිංගික හා ප්‍රජනන අයිතීන් උල්ලංඝණය කරමින් තිබෙන බවයි.