Header Ads

උණුසුම් පුවත්

කොලොන්නාවෙන් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී


කොළොන්නාව ප්‍රදේශයේ නිවසක දී විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ සෝදිසියක දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 129ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 හැවිරිදි දෙමටගොඩ, වෙළුවන පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. අදාළ සැකකරු සමඟ කේරළ ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත වැඩිදුර පරීක්ෂාවට ලබාදී තිබේ.