Header Ads

උණුසුම් පුවත්

ලුණු හිඟය ගැන ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්

කිසිදු අයුරකින් ලුණු හිඟයක් හෝ මිල ඉහළ යාමක් සිදුනොවන බව ආමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් පවතින බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුවද මෙරට තුළ ලුණු නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බවය.

මෙරට මුහුදු සීමාවේ දී අනතුරට ලක්වූ රාසායනික ද්‍රව්‍ය සහිත නෞකාවේ විෂ ද්‍රව්‍ය මුහුදට එක්වී ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් එල්ල විය හැකි බවට වන මතයක් පළවීම නිසා  බොහෝ පිරිස් ලුණු මිලදී ගැනීමට පෙළඹීමෙන් මෙම ගැටලුකාරි තත්ත්වය මතුව තිබෙනවා.

මේ විශවාසය මත ඇතැම් වෙළෙඳුන් ලුණු තොඟ සඟවා ඇති බවට ද තොරතුරු වාර්තාවනවා.

සතොස හරහා අඩු මිලට ලුණු අලෙවි කිරිමට පියවර ගෙන ඇති බව ද මේ සම්බන්ධයෙන් අද (ජුනි 01) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මුහුදු ජලයට නෞකාවේ  විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වුවද ලුණු නිෂ්පාදනයට එය බාධාවක් නොවන බව ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදබරණ මහතා ප්‍රකාශ කලා.
 

 සබැඳි පුවත : කිසිවිටෙකත් රටේ ලුණු හිඟයක් ඇති වන්නේ නැහැ