Header Ads

උණුසුම් පුවත්

මාස 08ක් මෙරට තෙල් සැපයීම සිංගප්පූරු සමාගම් දෙකකට


2021 ජුනි මස පළමු වනදා සිට 2022 ජනවාරි 31 දක්වා මාස 08ක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගම් 02කට පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව ඊයම් ප්‍රතිශතය 92 ඛණ්ඩයේ පෙට්‍රල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ඕවසීස් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීමට නියමිතයි. 

එමෙන්ම  ඊයම් ප්‍රතිශතය 92 ඛණ්ඩයේ තවත් පෙට්‍රල් තොගයක්, සුපිරි ඩීසල් සහ ඩීසල් මෙරට සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රෝචයිනා සමාගම වෙත පැවරීමට නියමිතයි.