Header Ads

උණුසුම් පුවත්

මත්ස්‍ය තොග සම්බන්ධයෙන් නිසි විමර්ශන අඛණ්ඩව සිදුකරනවා


දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මුහුදු ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සුපුරුදු පරිදි ධීවර කටයුතු කරගෙන යාම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සහ මීගමුව ප්‍රදේශයේ ධීවරයින්ට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

කෙසේවෙතත් එම ප්‍රදේශවලින් ලබාගන්නා මත්ස්‍ය තොග සම්බන්ධයෙන් නිසි විමර්ශන අඛණ්ඩව සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව මේ වන විට දැනුවත් කර ඇති බවත් මත්ස්‍යයින් සම්බන්ධයෙන් ජනතාවට ඇති අනිසි බිය දුරුකිරීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.