Header Ads

උණුසුම් පුවත්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයෝ පත් කෙරේ


කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් ඊයේ (31) පත්කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සභාපතීත්වය දරන එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපරේෂන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා යන මහත්වරුන් පත්කර තිබෙනවා.

එම සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (31) සිදු කෙරිණ .

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත්(20)වැනිදා සම්මත විය.එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59 ක් පමණි.