අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ 48වන නීතිපතිවරයා ලෙස පත් වූ ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් මහතා අතර හමුවක් අද(01) සිදු වුණා.
අලි සබ්රි මහතා විසින් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ, රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන කීර්තිමත් සේවයකින් පසුව නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන් වඩාත්ම ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන බවයි.
මෙහිදී අධිකරණ අමාත්‍යාංශයේ වර්තමාන අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව යාවත්කාලීන කළ අතර වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනිම පිලිබදවද සාකච්ඡාකර තිබේ.
තවද නව නීති කෙටුමිපත් රාශියක් අවසන් කිරීමට නියමිතව තිබෙන අතර, වඩාත් ඵලදායී නීති සම්පාදනය සඳහා කෙටුම්පත් සකස් කිරීම, නිරීක්ෂණය කිරීම සහ නීති සකසා අවසන් කිරීම කඩිනම් කිරීමේ හැකියාව පිළිබඳව , කෝවිඩ් 19 වසංගතය තුළ අධිකරණ ක්‍රියාත්මක කිරිම සහ මහජන ආරක්ෂාව සමතුලිත කිරීමේ අවශ්‍යතාවය මෙන්ම යුක්තිය සඳහා නිසි ප්‍රවේශය සහතික කිරීම , වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් අපරාධ නඩු විභාග කිරීම කඩිනම් කළ හැකි ක්‍රම සමිපාදනය කිරීම පිලිබදව ,එම හමුවේදී සාකච්ඡා කළ බව සිය ෆේස් බූක් පිටුවේ තවදුරටත් සඳහන් කර තිබුනා.
එහිදී රාජරත්නම් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය දැක්වීමට ඇති කැපවීම පිළිබඳව සහතික වී ඇති අතර, ඒ සඳහා සහයෝගය දැක්වීම පිළිබඳ ඔහුට ස්තූතිවන්ත වෙමින් නව නීතිපතිවරයාගේ පත්වීම පිළිබඳව සඳහන් කරමින් සුභාශිංශන එක් කරමින් නව නීතිපති වරයාට සුභ පැතුම් එක්කර තිබේ.