කොරෝනා තෙවැනි රැල්ල හේතුවෙන් රැකියා සහ ආදායම් මාර්ග අහිමි වීම, වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍ය්‍යාපාර වසා දැමීම යනාදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇති බලපත්‍රලාභි බැංකුවල ණය ගනුදෙනුකරුවන් සඳහා සහන සළසන ලෙස මහ බැංකුව උපදෙස් දී ඇත.
ඒ අනුව එම පුද්ගලයන් පත්ව ඇති දුෂ්කරතාව ඇනුව සළකා බලා ණය මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම අයකරගැනීම මෙම වසරේ අගෝස්තු 31 වනදා දක්වා කල් දමන ලෙස මහ බැංකුව එම බැංකු වෙත දැනුම්දී තිබෙනවා.
මීට අදාළව නිකුත් කර ඇති 2021 අංක 05 දරන චක්‍ර ලේඛය සහ වැඩි විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
මෙම සහන ණය යෝජනා ක්‍රමය සඳහා ජුනි මස 21 වනදාට පෙර අයදුම් කිරීමට ගණුදෙනුකරුවන්ට අවස්ථාව ඇති බවත් සාදාරණ හේතුවක් මත එම දිනය පසු වුනද ගණුදෙනුකරුවන්ගේ ඕනෑ ම ඉල්ලීමක් බාරගන්නා ලෙසද බලපත්‍රලාභි බැංකුවලට දන්වා ඇතැයි මහ බැංකුව වැඩිදුරටත් දන්වා සිටිනවා.