පයාගල, කොළඹ අපරාධ කොට්ඨාස, බොරැල්ල, ත්‍රිකුණාමලය, මොරගොඩ යන ප්‍රදේශවලින් හෙරෝයින් සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
පයාගල පොලිස් වසමේ අක්කර 50 හතරමං හන්දියේ දී පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සමග, අවුරුදු 38 ක් වූ බෝඹුවල කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද දින කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එසේම වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කර වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 915 ක් සමග වයස අවුරුදු 34 ක් වූ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සැකකරු ලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.
බොරැල්ල පොලිස් වසමේ මෙත්සර උයන ප්‍රදේශයේ දී අවුරුදු 52 ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ අයෙක් හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 400 සමග අත් අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමල පොලිස් වසමේ මහමායා පුර ප්‍රදේශයේදී ත්‍රිකුණාමල පොලිස් ස්ථාන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 360 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වූ මහමායා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද දින ත්‍රිකුණාමල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.
එමෙන්ම තවදුරටත් මොරගොඩ පොලිස් වසමේ ඉහළ අබතලේ ප්‍රදේශයේ දී මොරගොඩ පොලිස් ස්ථානය නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 20 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු වයස අවුරුදු 23 ක් වූ මුරියාකඩවල, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර එම සැකකරු ද අද දින කැකිරාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.




