කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට සැක කරන ගර්භනී මවුවරුන් සහ අළුත උපන් බිළිඳුන් සඳහා වෙනම මාතෘ සත්කාරක ඒකකයක අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ( UNFPA), කැනඩා රජයේ අරමුදල් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් සහ උපකරණ ලබා දී ඇත.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි නියෝජිතවකු වන රිට්සු නේකන් මහතා සහ කැනඩාවේ මහ කොමසාරිස් එච්. ඊ. ඩේවිඩ් මැනිකන් මහතා ළඳරු උණුසුම් උපකරණ , ඉන්ෆියුෂන් බට සහ රෝහල් ඇඳන් ඇතුළු තවත් වෛද්‍ය උපකරණ මාතෘ හා ළමා සෞඛ්‍ය ය අධ්‍යක්ෂක වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා වෙත භාර දී තිබෙනවා. එසේ ම ගර්භනී මව්වරුන්ට ආරක්ෂිතව දරු ප්‍රසූතිය සිදු කිරීමට සහ රෝහල් ආරක්ෂණ මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා වන උපකරණ පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ ජාතික වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය නෙත්මිනි තේනුවර මහත්මිය වෙත භාර දී ඇති බව වාර්තා වනවා.
රුපියල් 19,216,000 ( CAD 116,239) ක් පමණ වටිනා මෙම උපකරණ කෝවිඩ් 19 වෛරසයෙන් බලපෑමට ලක් වීමේ අවදානමක් ඇති කණ්ඩායම් එයින් ආරක්ෂා කිරීම සඳහා UNFPA සහ කැනඩා රජය ඒකාබද්ධව සිදු කරන සත්කාරයෙන් කොටසකි.




