ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ දිනයේ (05) මාදුරුඔය ජාතික උද්‍යානයේ මායිමට ආසන්න කලාපයේ N.D.K. රක්ෂිත ප්‍රදේශය තුල වෙහෙරගල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිළධාරීන් සිදුකල හදිසි වැටලීමකදී දඩයමිකාර ජාවාරම්කරුවන් දෙදෙනෙෙක් සමග මස් ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථයක්, මෙරට නිශ්පාදිත ගිනි අවියක්, විදුලි පන්දම්, වෙඩිබෙහෙත් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය, ඊයම් කැබලි, මස් කැපීම සදහා භාවිතා කරන ලද පිහියක් හා අලෙවි කිරීම සදහා පාර්සල් කරන ලද මස් කිලෝග්‍රෑම් 35 ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කාලාන්තරයක් තිස්සේ මෙම පුද්ගලයින් විසින් වනසතුන් දඩයම් කර එම දඩමස් දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ විවිධ හෝටල් හා ආපනශාලා වෙත සපයනු ලබන බවට ලැබී තිබූ තොරතුරක් සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විශේෂ අවධානයක් යොමුකිරීමෙන් පසුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.