Header Ads

උණුසුම් පුවත්

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.  චීනයේ බීජිං සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 869 ගුවන් යානයෙන් අද අලුයම 5.10 ට පමණ එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙනවිත් තිබෙනවා. පසුව එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදී ඇති අතර, අනතුරුව රජයේ මධ්‍යම ඖෂධ ගබඩාව වෙත රැගෙන ගෙස් තිබෙනවා.