Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 995 ක් අත්අඩංගුවට


ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති  කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 995 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 138ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.  129 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර 75 දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ ලබන 14 වනදා දක්වා මෙම සංචරණ නීති ක්‍රියාත්මක වන බවයි.