කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ M.V. X - press pearl නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එමෙන්ම ඊයේ දිනයේදී නාවික ගමනාගමනයේදී නැව් සන්නිවේදන සබඳතා පටිගත කෙරෙන voice data recorder හෙවත් පණිවිඩ දත්ත හුවමාරු පටිගත කිරීමේ පද්ධතිය නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. මෙහි ඇති දත්ත පරීක්ෂා කිරීමෙන් පසු නෞකාව සහ එය ආ ගිය වරායන් සමග පැවති පණිවුඩ පිළිබඳ තොරතුරු ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.