සංචරණ සීමා බල පැවැත්වෙන කාලසීමාව තුළදී කොළඹ නගරයට ඇතුළු වන වන සඳහා මෙතෙක් ලබා දුන් එක් දිනකට පමණක් සීමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට සිට නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මේ අනුව කොළඹ නගරයට ඇතුළු වන ස්ථානවල දී තමන්ගේ සියලු විස්තර ලබා දීමෙන් අනතුරුව දිනපතා කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා මෙම නව ස්ටිකර්ය අලවනු ඇති.
එම ස්ටිකරය සංචරණ සීමා බලපැවැත්වෙන සියළු කාලයන්ට අදාල අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ මෙම නව ක්‍රමය තුළින් කොළඹ නගරයට ඇතුළු වන වාහන මුහුණදෙන ප්‍රමාද වීමේ ගැටළුවට විසඳුම් ලැබෙන ඇති බවයි.
එමෙන්ම මෙම නව ස්ටිකර් ක්‍රමය අව භාවිතා නොකරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කරනවා. මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේ ඊයේ දිනයේ කොළඹට ඇතුලු වූ වාහනවල අඩුවක් දක්නට ලැබෙන බවයි.