Header Ads

උණුසුම් පුවත්

පූගොඩ සහ පිටිගලදී පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී මරුට


පූගොඩ ගල්පොතුගොඩ ප්‍රදේශයේදී ගංවතුරේ  ටියුබයක් ආධාරයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ටියුබය පෙරළීමෙන් දියේ ගිලී මරණයට පත්ව තිබෙනවා. ඊයේ සවස 3.15ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර ඔහු දොම්පේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත. මරණකරු වයස  අවු: 42ක් වන ගල්පොතුගොඩ පදිංචි අයෙක් වන අතර  සිද්ධිය පිළිබද පූගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

එමෙන්ම  පිටිගල නියාගම ප්‍රදේශයේදී ගංවතුරේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මියගොස් ඇත. ඊයෙ දහවල් 1ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර මරණයට පත්ව ඇත්තේ වසය අවු :45ක් පමණ වන අයෙකි. මේ පිළිබඳව පිටිගල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.