Header Ads

උණුසුම් පුවත්

විදුලි රැහැන් අටවා දළ ඇතෙක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට


හොරොව්පතාන වලහවිද්දවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දළ ඇතෙකු මියගොස් තිබෙනවා. විදුලිසැර වැදීමට සලස්වා ඇතා ඝාතනය කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඩි 8 හමාරකට වඩා උසින් යුත් මෙම ඇතාගේ වයස අවුරුදු 20ක් පමණ වන බවටයි විශ්වාස කෙරෙන්නේ.  මෙම ඇතා ඝාතනයට සම්බන්ධ සැකකරුගේ නිවසේ සිට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන් ද සොයාගෙන තිබෙනවා. සැකකරු ඊයේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.