Header Ads

උණුසුම් පුවත්

ආපදා මරණ 16ක් දක්වා ඉහළට


දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති ආපදා නිසා මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් 5 දෙනෙකු සිදුවූ අනතුරුවලින් තුවාල ලබා තිබේ.

ඒ අනුව ආපදා හේතුවෙන් 270,912 දෙනෙකු විවිධ පීඩාවන්ට පත්වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මේ අතර ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයෙනි.

ඒ මිලිමීටර 108.2 ක් ලෙසය.