Header Ads

උණුසුම් පුවත්

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලයේත් කොරෝනා


ගම්පහ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත විමර්ශන ඒකකයකින් කොවිඩ්  ආසාදිතයින් පොකුරක් නිර්මාණය වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  සඳහන් කළේය .

එම විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සහ  නිලධාරිනියන් 06ක් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

එම ආසාදිත පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්  මෙන්ම ඔවුනගේ පවුලේ උදවිය ඇතුළු 50 කට ආසන්න පිරිසක් නිරෝධායන ට යොමු කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි .