Header Ads

උණුසුම් පුවත්

අයහපත් කාළගුණ



දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය පිළිබඳ පසුගිය 03 වනදා සවස 06 සිට අද දින උදෑසන 06 දක්වා වන තත්ත්ව වාර්තාව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 88 ක් බලපෑමට ලක් වී තිබෙනවා.


මේ දක්වා මියගිය පුද්ගලයන් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන් 05 ක් සහ අතුරුදහන් වීම් 02 ක් වාර්තා වනවා.


සිදු වී ඇති පූර්ණ නිවාස හානි ගණන 17 වන අතර අර්ධ නිවාස හානි ගණන 978 කි.


මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 106 ක පවුල් 6177 කට අයත් පුද්ගලයන් 26806 දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.