Header Ads

උණුසුම් පුවත්

නව මාර්ග දෙකක වැඩ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වෙයි


නව කැළණි  පාලමේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ගය සහ කොළඹ - මහනුවර ගුවන් පාලම් ඉදිකිරීමේ උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත ය.

වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මන්දිරයේ සිට මෙහි වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අගමැතිවරයාගේ උපදෙස් මත කොළඹ - මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමට සහ නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුනු මත අධිවේගී මාර්ගය ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව සඳහන් ය.