නිදි යහනේ මියගොස් සිටි තරුණ පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු වැල්ලවාය පොලීසිය විසින් ඊයේ සවස (06) සොයාගෙන තිබෙනවා.
වැල්ලවාය යාලබෝව ගම්මානයේ කුලී නිවසක දේශීය වෙදකම් කරමින් සිටි 35 හැවිරිදි ජී.ඩී. එරංග සඳරුවන් පෙරේරා සහ 21 හැවිරිදි එම්.ඩී. සුගන්ධිකා බණ්ඩාරනායක යන ඔහුගේ බිරිඳ මෙසේ මියගොස් ඇති අතර පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව මෙම මළ සිරුරු සොයාගෙන ඇත.
මියගිය අයගේ නිදන ඇඳ අසළ තිබී ජංගම දුරකථන 3ක් ද මුදලින් රුපියල් 66120 ක් ද සොයාගෙන තිබෙන අතර මියගිය වෛද්‍යවරයා ප්‍රතිකාර කළ කාමරයේ තිබූ සිතුවමක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම කාමරවලට මුද්‍රා තබා ඇති අතර මරණය සම්බන්ධයෙන් ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතයි.
මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) වැල්ලවාය මූලික රෝහලේ දී සිදු කර ඇත.