පසුගිය (04) දා රාත‍්‍රියේ නගර සභා සේවකයකු ඇතුළු හත් දෙනකු විසින් බොරලැස්ගමුව පොලිස් වසමේ දෙහිවල පාර, දේවාලමුල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවසක නිරෝධායන රෙගුලාසි කඩකරමින් පැවැත්වූ මත්පැන් සාදයක් වටලා එම පුද්ගලයන් හත්දෙනාම අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
සැකකරුවන් හත්දෙනා මත්පැන් පානය කර සිටියේ දැයි තහවුරු කරගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාවක් අනුව සැකකරුවන්ගෙන් පුද්ගලයින් 06 දෙනකුම මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් නිරෝධායන ආඥා පනතේ රෙගුලාසි කඩ කිරීමේ වරදට පසුගිය 05 දින දී ගංගොඩවිල අධිකරණය විසින් එක් සැකකරුවකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපයක් මත සැකකරුවන් හත්දෙනා මුදාහරින ලෙසත් නැවත මෙම නඩු විභාගය අගෝස්තු මස 10 වන දින කැඳවන ලෙසත් නියෝග කලා.