Header Ads

උණුසුම් පුවත්

X Press Pearl කපිතාන් අද අධිකරණයට


කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නැවෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයා ද මෙලෙස අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි. 

එමෙන්ම, මෙම නෞකාව සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය අද සෙසු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වනවා.