Header Ads

උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කොවිඩ් -19 ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලංකාවෙන්

 


ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නව කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි පුද්ගලයෙකුගෙන් බවට අනාවරණය වී තිබේ.

මෙල්බන් නුවර සති දෙකක පමණ කාලයක් වසා දැමීමට සිදුවු අතර  ඒ ඉන්දියාවෙන් හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත නව කොවිඩ් පොකුරක් හඳුනාගැනීමත් සමඟයි

එරට සෞඛ්‍ය අංශ නව පොකුරේ ආරම්භය පිළිබඳව   සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය මස 08 වනදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හරහා එම පොකුර නිර්මාණය වී ඇති බවයි .

වයස අවුරුදු 40 ක් වන  අදාළ පුද්ගලයා එරටට පැමිණි දිනයේ සිදුකළ පරීක්ෂණයක දි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ප්‍රතිකාරලබා  ඔහු  පසුගිය මස 23වනදා පිටව ගොස් තිබෙනවා. 

මෙල්බර්න් ඩෙල්ටා කොවිඩ් පොකුරේ ආරම්භය එම පුද්ගලයාගෙන් සිදුවු බවට විද්‍යාත්මකව තහවුරු වුවද වෛරසය බාහිර පුද්ගලයින් වෙත සම්ප්‍රේෂණය වු ආකාරය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නොමැත.