Header Ads

උණුසුම් පුවත්

දරුවන් සිව් දෙනෙකු අපයෝජනය කල විදුහල්පති


සිය පාසලේ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට සැකපිට රක්වාන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදුහල්පතිවරයා අවුරුදු 43 ක් පමණ වයසැති අවිවාහක පුද්ගලයෙක් වන අතර අපයෝජනයට ලක් වුවා යැයි කියන පිරිමි ළමුන් අවුරුදු 11 ත් 13 ත් අතර පසු වන බව පොලිසිය පවසනවා.

මෙම දරුවන්ගේ හැසිරීම්වල වෙනසක් දැකීම හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳ විමසීමේදී මෙය අනාවරණය වී තිබේ. දෙමාපියන් විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව අදාළ විදුහල්පතිවරයා අත් අඩංගුවට ගැනීමට රක්වාන පොලිසිය කටයුතු කර ඇත. පිරිමි ළමුන් සිව් දෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කහවත්ත මූලික රෝහලට යොමු කර තිබේ.

සැකකාර විදුහල්පතිවරයා අද (08) සවස අධිකරණයට යොමු කරන බව පොලීසිය කියයි.