ගෑස්වල බර අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට නඩු පවරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඇතැම් ගෑස් සමාගම් පාරිභෝගික අධිකාරියේ අනුමැතිය නොමැති ව ගෑස් සිලින්ඩරයේ බර අඩු කර ඇති බවට සමඟි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හශීම් මහතා පැවසුවා.
එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳ කිසිවෙකුත් කලබල විය යුතු නැති බවත් කවුරුන් හෝ පනතට විරුද්ධ ව කටයුතු කර ඇත්නම් නඩු පැවරීමේ වගකීම තමා බාර ගන්නා බවත්ය.
මේ වන විටත් ඒ පිළිබඳ ව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා
ඇමතිවරුන්ගේ පාර්ලිමේන්තු කථාව පහතින්