ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 509 දෙනෙකු හමුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
එම කාර්‍යාලය කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව මෙලෙස රෝගීන් වාර්තා වන බවයි.
ගෙවුනු පැය 24 තුල බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් - 99 ක්, සීදූව - 79 ක්, මහර - 57 ක්, මිනුවන්ගොඩ - 52 ක්, අත්තනගල්ල සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 38 දෙනෙකු බැගින්, කටාන - 34 ක්, මීරිගම - 30 ක්, දොම්පෙ - 26 ක්, ජාඇල - 14 ක්, රාගම - 13 ක්, මීගමුව - 12 ක්, ගම්පහ - 8 ක්, වත්තල - 5 ක් සහ දිවුලපිටිය - 4 වශයෙන් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල නිල වෙබ් අඩවිය පෙන්වාදෙනවා.