Header Ads

උණුසුම් පුවත්

කොලොන්න සමෘද්ධි නිලධාරියාට පොල්ලකින් පහර දෙයි

 


කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පොල්ලකින් පහරදී තිබෙනවා.

රාජකාරී කටයුත්තකින් අනතුරුව සිය යතුරු පැදියෙන් ගමන්කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇත.

මේ පිලිබදව විමර්ශන සිදුකරන පනාමුර පොලීසිය කියා සිටියේ මේ සම්බන්‍ධයෙන් තිස්හතර හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම කාන්තාවකි. 

රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබීම හේතුවෙන් උරණවී මෙම පහරදීම සිදුකර  පොලීසිය සැකකරනවා

පහරකෑමට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා කොළොන්න මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.