රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.
ඔහු විසින් ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතනවලට සයිබර් ප්‍රහාරයක් එල්ල්වී ඇතිබවට තොරතුරු පල කර තිබෙනවා
සැකකරු තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වශයෙන් සඳහන් කරමින් මෙම නිවේදනය සමාජ මාධ්‍ය ජාලාවල පළ කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.
එහෙත් එවැනි ආකාරයට රජයේ කිසිදු ආයතනයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කලා.
මේ අනුව සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද අජිත් රෝහණ මහතා කියා සිටියා.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි