Header Ads

උණුසුම් පුවත්

දෛනික රෝගීන් 2800 ක් - ඇඳන් සීමිතයි.


කෝවිඩ් 19 ආසාදිත රෝගීන් 82 දෙනෙකු මේ වන විට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

දිවයින පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 191 ක කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් 29,530 ක් සකස් කර ඇති අතර මේ වන විට ඇඳන් 26,243 ක රෝගීන් සිටින බව වාර්තා වනවා.

නව රෝගීන් සඳහා තවත් ඉතුරු වී ඇත්තේ ඇඳන් 3287 ක් පමණි. මේ වන විට දෛනික ව වාර්තා වන රෝගීන් ගණන 2800 ක් පමණ වන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

නමුත් තවමත් ඇඳන් හිඟයක් පිළිබඳ ගැටලුවක් මතු වී නැති අතර නුදුරු අනාගතයේ දී තවත් ඇඳන් 9000 ක් මෙම රෝහල් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව නව රෝගීන් ඇතුළත් කිරීම රඳා පවතින්නේ සුව වී පිට වන රෝගීන් ප්‍රමාණය මත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ මේ වන විට කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයන් 353,302 ටත් සිනෝෆාර්ම් පළමු මාත්‍රාව පුද්ගලයන් 957,959 දෙනෙකුටත් ස්පුට්නික් වී පළමු මාත්‍රාව පුද්ගලයන් 64,986 දෙනෙකුටත් ලබා දී ඇති බවයි.