Header Ads

උණුසුම් පුවත්

මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසි වාරයේ සභාපති ලෙස තේරී පත් වේ

 


මාලදිවයිනේ විදේශ අමාත්‍ය  අබ්දුල්ලා ෂාහිඩ් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසි වාරයේ සභාපති ලෙස තේරී පත් වී තිබෙනවා. 

ඒ ඇෆ්ගනිස්තානයේ හිටපු විදේශ ඇමති සල්මායි රාසුල්ට එරෙහිව ඡන්ද හතරෙන් තුනක බහුතරයක් ලබා ගනිමිනි.

මුළු ඡන්ද 191 කින් අබ්දුල්ලා ෂාහිඩ් ඡන්ද 143ක් ලබා ගත් අතර සල්මායි රාසුල්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 48 ක් පමණි.

"අපි සෑම විටම වඩා හොඳ හෙට දවසක් සඳහා වැඩ කර ඇත්තෙමු.මෙම නොසැලෙන උනන්දුව සහ නොසැලෙන බලාපොරොත්තුව මාලදිවයිනේ ක්‍රමය වන අතර මෙම තනතුර සඳහා මා උනන්දුවෙන් කටයුතු කරනවා" යැයි ඔහු ජයග්‍රහණයෙන් පසු පැවසීය. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්‍ඩලයේ සභාපතිධූරයට තේරී පත් වීම වාර්ෂිකව පවත්වන අතර එය විවිධ කලාපීය කණ්ඩායම් අතර හුවමාරුවේ. 

මාලදිවයින මෙම තනතුර ලබාගත් පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පෙන්වාදේ.