Header Ads

උණුසුම් පුවත්

ගර්භණී හෙදියන්ට නව චක්‍රලේඛයක්


ගර්භණී තත්ත්වයේ පසුවන හෙදියන්ට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ගර්භණීභාවයට පත් වී මුල් මාස හය තුළ ඔවුන් ව කෝවිඩ් හා ඩෙංගු අවදානම අඩු ස්ථානවල සේවයේ යොදවන බව ද ඔහු කියා සිටියා.

මෙම තීරණය සමඟ ගර්භණී හෙදියන්ගේ නිවාඩු සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.