Header Ads

උණුසුම් පුවත්

"සියක් නගර" ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය


අවිධිමත් නගර සංවර්ධන වැඩපිළිවෙළ නිසා ගංවතුර ඇති වෙන බවට රජයට විශාල චෝදනාවක් එල්ල වෙමින් තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා 

අමාත්‍යවරයා කියා සිටියේ අවිධිමත් ලෙස නගර සංවර්ධනය ක්‍රියාත්මක වෙමින් ජන ජීවිතයට එය බාධා එල්ල කරන බව අත්දැකීමෙන් දුටු බැවින් ඒ සඳහා ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

ඒ අනුව  නගර සියයක් සංවර්ධනය කිරීම සඳහා වන කෙටුම්පතට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වූ බව ඇමතිවරයා කියා සිටියා

අද (08) කොළඹ දී පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

තෝරාගත් ක්‍රමවේදයන්ට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධ කරගනිමින් විශේෂයෙන් ප්‍රාදේශීය සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ද සම්බන්ධ කරගනිමින් තෝරාගත් නගර සියයක් ඉතා විධිමත් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.