Header Ads

උණුසුම් පුවත්

බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕනේ - ‌ගෝඨාභය රාජපක්ෂ

 


කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර ඇතැයි ද ජනාධිපතිවරයා කියාසිටියා.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා 

ජනාධිපතිවරයා අවධාරණය කලේ කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී ඇති බවත් එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බවයි. 

හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇති බවත් එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි යා යුතු තැන මෙතෙන. මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕනේ. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව ම කියලා තියෙනවා. අයවැයේ දී පැහැදිලිව කිව්වා අපි මෙතැනට යන්නේ කියලා. මම මේක තීරණයක් අරගෙන තියෙනවා. මේක රටට නෙමෙයි ලෝකයට ම හොඳ දෙයක්. නරක දෙයක් නම් මට ඕන නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ.“