කිසිදු ආකාරයක විදේශීය අත පෙවීමක් ඇති නොවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් නව නීති පද්ධතියක් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ එම නීති කඩකරන්නන්ට මරණ දඩුවම ලබා දීම සදහා ද ඔහු නියම කර ඇති බවයි.
මේ යටතේ රට තුල විදේශීය චිත්‍රපට ,ඇදුම් හෝ විද්වත් ප්‍රකාශන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
එරට වාර්තා පෙන්වාදෙන්නේ මෙම නීතියට පටහැනිව කටයුතු කරමින් දකුණු කොරියාවේ නිෂ්පාදිත චිත්‍රපටයක් ළග තබාගත් පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දී ඇති බවයි.
ඔහු විසූ ප්‍රදේශය පොලිසියේ සම්පූර්ණ පරීක්ෂාවට ලක් කර ඇත.
එමෙන්ම, දේශසීමා හරහා හෝ වෙනත් අනියම් ආකාරයකින් විදේශයක නිෂ්පාදිත වීඩියෝ දර්ශන උතුරු කොරියාවට රැගෙන එන පිරිස්වලට වෙඩි තැබීමට උපදෙස් ලබා දී ඇතැයිද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.